Header Ads

Breaking News
recent

ශ‍්‍රීලනිප නායකත්ව ජනපතිට ගන්නැයි ආරාධනා කෙරේ.. මෛත‍්‍රී ඉවතට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට එම පක්ෂය නියෝජනය කරන ඉදිරිපෙළ ප්‍රධානීන් කිහිප දෙනෙකු තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා ගණනාවක් ඔවුන් අතර සිදුවී ඇති බවද සඳහන්ය.

වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මැතිවරණයෙන් පසුව අත හැරීමට තීරණය කර ඇති නිසා මෙම සාකච්ඡාව ඇතිව තිබේ.

ශ‍්‍රීලනිප නායකත්වය ලබාගැනීම සඳහා දැනටමත් එම පක්ෂයේ කිහිප දෙනෙකුම සූදානමින් සිටින අතරතුර මෙම සාකච්ඡා වී තිබේ.

ගෝටාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගන්නැයි ආරාධනා කිරීමට සූදානම් වන පිරිසකගේ මතය වී ඇත්තේ මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බවය.

එනිසා මේ මොහොතේ ඊට සුදුසුම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ සඳහා ආරාධනා කළ යුතු බව ද ඔවුන්ගේ අදහසයි.

ඒ අනුව ඉතාම ආසන්නයේ දී මෙම යෝජනාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කිරීමට සුදානමක් ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියි.


No comments:

Powered by Blogger.