Header Ads

Breaking News
recent

දිස්ත්‍රික්ක 25ට අනුබද්ධිත මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් බලාත්මක කරයි

දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල 25 ට අනුබද්ධිතව පිහිටා ඇති දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් බලාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා තමන් වෙත උපදෙස් ලැබුණු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

එහිදී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය උපකරණ සහ ගංවතුර තත්ත්වයන් සඳහා භාවිත කළ හැකි ඕනෑම වර්ගයේ ක්‍රියාන්විත රථයක, බෝට්ටුවක හෝ හෙලිකොප්ටර්වල දායකත්වය ලබාදීමට එකඟත්වය පළ කළ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

ඒ අනුව මේ වන විට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතු වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවී සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සදහන් කරයි.


No comments:

Powered by Blogger.