Header Ads

Breaking News
recent

සහෝදරයා දින්නත් පැරදුනත් ඉටු කරන පොරොන්දුවක් මුරලි කියයි

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවට තම පදනම මගින් උපකාර කරන බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.

මුත්තයියා මුරලිදරන් මේ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන මුත්තයියා ප්‍රභාකරන්  අපෙක්ෂකයාගේ ජය තහවුරු කිරිමේ රැස්විමකට සහභාගි වෙමිණි.

මෙහිදි අදහස් දැක් වු මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ

අපේ පදනම දලා දෙනවා මේ පලාතට  , මේ පැත්තේ දරුවන්ට තාක්ෂණය , වෘත්ති පුහුණු , ස්වයං රැකියා ලබා දෙන්න.

මේ පදනමට කුමාර සංගක්කාර , මහේල ජයවර්ධන , සනත් ජයසුරිය සහ ගොඩාක් ක්‍රිකට් ක්‍රිඩකයෝ උදව් කරනවා.

මැතිවරණයෙන් මගේ සහෝදරයා ජය ගත්තත් නැතත් මම ඒ පදනම හදලා දෙනවා.

මොකද ඔබලා අපි ක්‍රිකට් ගහද්දි තරගයක් දිනුවම පැරදුණාම අපිත් එක්ක දුක සතුට බෙදා ගත්තා.

ඒ නිසා අපෙන් කල යුතු දෙයක් විදිහට තමයි මේ පදනම ගෙන්නේ.

අතිගරු ජනාධිපතිතුමා ජනතාවට උදව් කරන්න කියපු නිසා අපි පදනම් ආයතන 8 ක් දාන්න කටයුතු කරනවා මේ දිස්ත්‍රික්කයේ. යනුවෙන් පැවසිය.

මෙම ජන හමුවට එක් වු හිටපු ක්‍රිකට් ක්‍රිඩක සනත් ජයසුරිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ

පසුගිය කාලයේ සිදු වුණ වැටිම් වලින් ජන්ද දායකයාට ජන්දය එපා වෙලා තියෙන්නේ.

මෙවර සම්ප්‍රදායෙන් මිදියා වටින කෙනෙක් ඔබේ මනාපය ලබා දෙන්න.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ මැතිරණය ප්‍රතිඵලය වෙනස් වෙන්න අවශයයි. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.