Header Ads

Breaking News
recent

කුඩා දරුවන්ගෙන් අසභ්‍ය වීඩියෝ හැදු ටියුෂන් ගුරාගේ අල්මාරුයේ කුඩා දරුවන්ගේ යට ඇදුම් තොගයක්.. තවත් අසභ්‍ය වීඩියෝ තොගයක් !

බාලවයස්කාර දරුවන් 20 දෙනකුට වැඩි පිරිසක් අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයාගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී දරුවන්ගේ යට ඇඳුම් 25 ක් පමණ සොයා ගෙන තිබේ.


ඒ සමගම දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී බවට සැකකරන තැටි 130 ක් පමණ ද සොයාගෙන ඇති බව වාර්තාවෙයි.

පොලිසිය සඳහන් කරන්නේ මෙම වීඩියෝ පට විදේශවලට යැවීම සඳහා සූදානම් කර තබන්නට ඇති බවයි.

ඉංග‍්‍රිසි ඉගැන්වීම සම්බන්ධයෙන් ඔහු වැඩිදුර අධ්‍යාපනයක් නොලද අයෙකු බවත් සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිටි අයෙකු බවත් වැඩිදුරටත් හෙළිවී තිබේ.

මොහු විසින් අපයෝජනයට ලක් කර ඇති දරුවන් විසි දෙනෙකුට අධික බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 8-12 අතර වයසේ පසුවන බවත් පොලිසිය සඳහන් කරයි.

ඉංග්‍රීසි ඉගැන්වීමට අමතරව ඔහු රූපවාහිනි වැඩසටහන් වල වේදිකා පසුතල නිර්මාණකරුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.


No comments:

Powered by Blogger.