Header Ads

Breaking News
recent

ඇවන්ගාඩ් සභාපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව විභාග කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්


ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.


නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනි වික්‍රමසිංහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය නිකුත් කළා.

ඒ අනුව පෙත්සම  විභාග කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 02 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට ද නියෝග කලා.

පෙත්සම්කාර නිශ්ශංක යාපා සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු යන මහත්වරු අධිකරණය හමුවේ ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම මගින් සඳහන් කර තිබුණේ රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

එම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස් වරු තුන් දෙනා විසින් ලබාදුන් ලිඛිත අනුමැතිය අධිකරණය හමුවේ ගොනු කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරිය තීන්දු කළ බව පෙත්සම්කරුවන් පවසනවා.

මහාධිකරණ විනිසුරුවරියගේ මෙම තීරණය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එබැවින් එම තීරණය අවලංගු කොට තමන්ව මෙම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

No comments:

Powered by Blogger.