Header Ads

Breaking News
recent

අපේක්‍ෂකයෙක් පන්දාහ බැගින් කෝටි දෙකක සල්ලි බෙදයි

මෙවර මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 5000 බැගින් මුදල් ඡන්ද දායකයන්ට බෙදා දී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ ආකාරයෙන් රුපියල් කෝටි 2ක මුදලක් බෙදා දී ඇතැයි එම මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා පවසයි.

ඒ අනුව මෙවර මැතිවරණයේ සම බිමක් නිර්මාණය වී ඇති නොපෙනෙන බව ද ඔහු පැවසීය.

අසීමිතව මුදල් වියදම් කරලා අපේක්ෂකයන්ට තම ජයග්‍රහණය සනාථ කර ගැනීමේ හැකියාවක් උදාවී ඇතැයිද ඔහු තව දුරටත් සඳහන් කළේය.


No comments:

Powered by Blogger.