Header Ads

Breaking News
recent

ඡන්දෙන් පස්සේ හරි කොරෝනා දෙවෙනි රවුම එන්න පුළුවන් -රනිල්

ඉදිරියේදී ඇතිවිය හැකි කුමන තත්ත්වකට වුවත් මුහුණදීමේ සූදානමක් වත්මන් ආණ්ඩුවට නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව හෝ කොරෝනා දෙවැනි රැල්ලක් ඇති විය හැකි බවත් ඉදිරියේ දී ඩෙංගු උවදුර ද ව්‍යාප්ත වීමට හැකියාව ඇති බවත් ඒ මහතා පවසයි.

ඒ සඳහා රජයේ සූදානම ප්‍රමාණවත් නොවන නමුත් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය තුළ ඊට අදාළ සැළසුම් ඇතුළත්ව ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

 

No comments:

Powered by Blogger.