DS සිසුවෙකුටත් කොරෝනා.. රාජාංගනයේ, කොට්ටාව ධර්මපාල සිසුන් නිරෝධායනයට..
අනුරාධපුරයේ ඩී එස් සේනානායක ප්‍රාථමික විදුහලේ සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
එහි ලේකම් ස්ථානය මහතා සඳහන් කරන්නේ සිදුකරන පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී ඇති බවයි.
දැනටමත් රාජාංගණයේ පාසැල් සිසුන්ට ද කොට්ටාව ධර්මපාල විදුහලේ සිසුන්ට ද කොරෝනා අවදානම නිසා නිරෝධායන ලක්වීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
හෙට දිනයේ පාසල් ආරම්භ කරන්නේ නම් අලුත් තත්ත්වයක් ඇති බවත් එනිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සඳහා මැදිහත් වීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.
දැනට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩවර්ජනයක නිරත වන නිසා රජය ඔවුන්ගේ ප්රශ්නය ගැන සොයා බලා මැදිහත් වී එය නිරාකරණය කිරීමට කටයුතු කළ බවද බවත් ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments: