Header Ads

Breaking News
recent

කොලු ගැටයෙක් ඩබ්ලිව් ජයසිරිව අන්දයි - ලොතරැයියක් ඇදුණායි කියා ලක්ෂ 12කට විදලා !

නප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි ඩබ්ලිව් ජයසිරි මහතාට ලොතරැයි දිනුම් ඇදීමකින් ඇමෙරිකානු ඩොලර් 85000ක මුදලක් ඇදී ඇති බව පවසා බැංකු වලින් ඔහු ලවා මුදලින් රුපියල් දොළොස් ලක්ෂයකට අධික මුදලක් වංචනික ලෙස තැන්පත් කරගත් තරුණයකු අත්අඩංගුවට ගත් බව අපරාධ වංචා විමර්ශණ ඒ්කකයි පවසයි.

පානදුර හිරණ පදිංචි වීරප්පුලිගේ ඩබ්ලිව් ජයසිරි නම් රංගන ශිල්පියා විසින් එම ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොස්ගම පදිංචි  අයකු බණ්ඩාරවෙල අපරාධ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන ඒකකයේ උසස් නිලධාරියෙක් කීවේය.

අයි. සී. සී.ආයතනය අනුග්‍රහය ඇතිව සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලියකට සමගාමිව පවත්වනු ලැබූ ලොතරැයි දිනුම් ඇදී මගින් ජංගම දුරකථන අංකවලට අනුව ජනප්‍රිය රංගන ශිල්පියාට ඇමරිකානු ඩොලර් 85000 ඇදී ඇති බව පවසා පානදුරප්‍රදේශයේ ප්‍රධාන බැංකු 4කින් රුපියල් ලක්‍ෂ දොළහකට අධික මුදලක් තැන්පත් කරවාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ රංග ශිල්පියාගේ පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට අදාළව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පැමිණිලිකරු විසින් මුදල් තැන්පත් සම්බන්ධයෙන් අදාළ බැංකු හතරෙන් වාර්තාවක් ලබාගත් බව අපරාධ විමර්ශන පවසයි.

එම වාර්තාවට අනුව හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැකුවක ගිණුමක් සම්බන්ධයෙන් වූ වාර්තාව අනුව එම ගිණුම් හිමියා කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචි  අයෙකු බව තහවුරු කරගත් බව පානදුර කොට්ඨාශ අපරධ හා වාචා විමර්ශන අංශය පවසයි.

සැකකරු මේ අයුරින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ සහ වංචා සිදු කර ඇත්දැයි විමර්ශන සිදු කරන බවත්, පානදුර අධිකරණයට බදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලීසිය සඳහන් කරයි


No comments:

Powered by Blogger.