Header Ads

Breaking News
recent

ගෝටාභයට පොහොට්ටුවේ හොරු එක්ක රට හදන්න බෑ.. ජනාදිපතිට ගැලපෙන්නේ සජිත් ඇතුළු අපයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි දැක්ම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ හොරු සමග කි‍්‍රයාත්මක කළ නොහැකි බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක මනෝ ගනේෂන් මහතා සදහන් කළේය .

ඔහු මේ බව සදහන් කළේ පසුගියදා කොළඹ රත්මලාන ප‍්‍රදේශයේදි පැවති ජන හමුවක් අමතිමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ කාලයේදි මහ මැතිවරණයෙන් පරාජයට පත් වු අපෙක්ෂකයින්ටත් ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍ර ධුර ලබාදීම සිදු කරනු ලැබුවා. ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය පිළිබදව පාක්ෂිකයින්ට තිබුණු විශ්වාසය බිඳ වැටුණා.

පැවති ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිකම් ලැබුණේ ආණ්ඩු නායකයින්ගේ හෙංචයින්ට පමණයි. සමහරුන් ඇමති ධුර ලබා ගත්තේ පැරදිල ඇවිත්. අන්තිමට මේ සියලූම දෙනා මහින්දට එකතු වුණා.. මේ නිසා එක්සත් ජාතික පාක්ෂිකයින්ට වගේම ජනතාවටත් නිසි සේවයක් කිරීරීමට හැකියාව ලැබුණේ නැහැ.

ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයම පරාජයට පත් වුණා. පසුව මෛතී‍්‍රපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වුණා. ඒ පෝලිමේම රනිල් වික‍්‍රමසිංහ මහතාත් එක් වුණා. අන්තිමේදි අපි රැුවටුවා. එයට අපි ඇත්තටම ලැජජා විය යුතුයි.

මෙවර මම මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ සජිත් පේ‍්‍රමදාස මහතා සමගි ජනබලවේගයේ නායකයා ීවීම නිසයි. රනිල්ගේ රවීලගේ නායකක්වයෙන් කොහොමද ජනතාව ඉදිරියට ගිහින් ඡුන්දය ඉල්ලන්නේ?

මෙවර මහ මැතිවරණය ජයග‍්‍රහණය පිළිබදව දැඩි විශ්වාසයක් අපට තිබෙනවා. පසුගිය මහ මැතිවරණයේදි අපට ආසන හයක් දිනා ගැනීමට ලැබුණා. නමුත් මෙවර ඊට වැඩි ආසන ගණනක් දිනා ගත හැකිය යන විශ්වාසය අපට තිබෙනවා. රත්නපුර කෑගල්ල ගම්පහ කියන දිස්ති‍්‍රක්ක තුනෙන් ආසන දිනා ගැනීමේ හැකියාව තිබෙනවා.විශේෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ප‍්‍රගතිශිලි දෙමළ සන්ධානයේ අපේක්ෂකයින් දෙදෙනෙකු පත්වීවීමේ හැකියාව තිබෙනවා. මේ නිසා අපට පාර්ලිමේන්තු ආසන හයට වඩා ජයග‍්‍රහණය කිීරීමේ හැකියාව තිබෙනවා. මම කොළඹින් තරග කරන්නේ. විශේෂයෙන් කොළඹ දෙමළ ජනතාව තමන්ගේ මනාප ඡුන්දය නිසි පරිදි ප‍්‍රකාශ කළහොත් කොළඹින් දෙමළ පාර්ලිමේන්තු නියෝජීතයින් දෙදෙනෙකු පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා.

උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ ඡන්ද කැඩිමකට ලක් වුවත් අනිවාර්්‍යයෙන්ම දෙමළ නියෝජිතියන් එම ප‍්‍රදේශ වලින් පාර්ලිමේන්තුවට තේරී පත් වෙනවා. නමුත් මහනුවර ,කෑගල්ල, කොළඹ ,ගම්පහ ,බදුල්ල යන ප‍්‍රදේශ වලින් දෙමළ නියෝජතයින් තෝරා පත් කර ගැනීමට හැකියාව තිබෙන්නේ දෙමළ ජනතාව තමන්ගේ මනාප ඡුන්දය බුද්ධිමත්ව ප‍්‍රකාශ කළහොත් පමණයි. එම නිසා ජනතාගෙන් ඉල්ලා සිටිනවා මනාප ඡුන්ද නිවැරදිව ප‍්‍රකාශ කරන්න කියල.

අපේ රටේ ඇතැම් දේශපාඥයින් නිවසෙත් නිදා ගන්නවා. ප‍්‍රාදේශිය සභාවෙත් නිදා ගන්නවා . පළාත් සභාවෙත් නිදා ගන්නවා . අමාත්‍යංශයෙත් නිදා ගන්නවා. කැබිනට් එකෙත් නිදා ගන්නවා. ඔවුන්ගේ සිහිනය නිදා ගැනීම පමණයි. එහෙත් අපි එහෙම නිදා ගත්තේ නැහැ. අපට රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවෙන් කිසිම දෙයක් නිකම් ලැබුණේ නැහැ. අපිට යමක් ලැබුණේ නම් ලැබුණේ ආණ්ඩුව ඇතුළේ සිටම අරගල කළ නිසයි. මම ,තිගාම්බරම් ,රාධා කි‍්‍රෂ්ණන් බොහෝ අවස්ථා වල ආණ්ඩු නායකයින් සමග ජනතා ගැටලූ වෙනුවෙන් රණ්ඩු වී තිබෙනවා. අද වතුකරයේ ජනතාවගේ ජිවිත යම්තාක් දුරකට හෝ වෙනස් කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ වසර හතළික කාලයකට පසුව අප තිදෙනාට ලැබුණු අමාත්‍ය ධුර අපි නිවැරදිව භාවිතා කළ නිසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හොද දැක්මක් තිබෙනවා. නමුත් ඔහුගේ දැක්ම කි‍්‍රයාත්මක කිරීම සදහා හොද පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. අපි හිතන්නේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ඉන්න සියලූ දෙනාම හොරු සමග මේ දැක්ම කි‍්‍රයාත්මක කරන්න පුලුවන් කියල. නමුත් අපේ කණ්ඩායමේ හොද පිරිසක් ඉන්නවා. අපේ කණ්ඩාමේ හොරු වංචාකාරයෝ දුෂිතයෝ නැහැ.

කෙසේ වෙතත් මීළග වැදගත්ම කාරණය වන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිතවිමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතුව මොන දේ ජනතාවට ලැබුණත් වැඩක් නැහැ. මාධ්‍ය නිදහස, ස්වාධින පොලිසිය, අධිකරණය මේ රටේ තවදුරටත් ශක්තිමත් වෙන්න ඔ්න. ඒ සදහා හොද ශක්තිමත් විපක්ෂයක් තිබෙන්නත් ඕන. නැත්නම් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්පුර්ණයෙන්ම බිඳ වැටෙනවා.
විදෙස් ගිවිසුම් රටට අවශ්‍යයි. නමුත් ඒ කිසිම ගිවිසුමකින් රටේ සම්පත් විදෙස් රට වලට විකිණිමක් සිදු නොවිය යුතුයි. රටේ පරමාධිපත්‍යයට ඒ ගිවිසුම් වලින් හානියක් නොවිය යුතුයි. විදෙස් ගිවිසුම් හැකිතාක් අපේ රටේ වාසියට යොදා ගත යුතු බව මගේ ස්ථාවරය වගේම අපේ පක්ෂය ස්ථාවරය.

මේවනවිට 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිළිබදවත් තැනින් තැන අදහස් මතු වෙනවා. මෙම සංශෝධන ඉතා වටිනවා. ඇතැමුන්ට තමන් සිතන සිතන දේවල් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව නැත්තේ මේ සංශෝධන නිසයි. මේ සංශෝධන නිසා ජනතාවගේ අයතිවාසිකම් ආරක්ෂා වෙලා තිබෙනවා. ඒ නිසා කිසිසෙත් මෙම සංශෝධන අහෝසි කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. නමුත් මෙම සංශෝධන තවදුරටත් යහපත් ආකාරයෙන් වැඩිදියුණු විය යුතුයි. ඒ වෙනුවෙන් සංශෝධනය කළ යුතු බව අප පිළිගන්නවා.

– මාධ්‍ය අංශය

No comments:

Powered by Blogger.