Header Ads

Breaking News
recent

ජන්දය ඔබේ අයිතියක්.වගකීමක්. බය නැතුව ජන්ද පොළට එන්න - මැතිවරණ කොමිසමේ විශේෂ දැනුවත් කිරීම (VIDEO)

එළඹෙන 05 වෙනිදා පැවැත්වීමට නියමිත ජන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත යොමු කර තිබේ.

ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළු කාරණා පිළිබඳව දේශප්‍රිය මහතා එහිදී විශේෂ පැහැදිලි කිරීමක්. කරයි.

සියලුම ජන්ද මධ්‍යස්ථාන කොරෝනා වෛරසයෙන් තොර කලාප බවට පත්කර තිබෙන හෙයින් බිය නොවී ජන්ද පොළට පැමිණෙන ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.

ජන්දය ජනතාව සතු අයිතියක් මෙන්ම වගකීමක් වන අතර ජන්දය අනාගතය තීරණය කරන්නක් වන හෙයින් ඊට ජනතාව ජන්ද පොළට පැමිණ  ප්‍රතිචාර දැක්විය යුතු බව දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

No comments:

Powered by Blogger.