20 ගැන නං මම දන්නෙ නෑ, හැබැයි ලොකු පරිසර විනාශයක් නං වෙනවා - වන්නිලැත්තෝ
මේ වනවිට රටපුරා මහා පරිමාණයෙන් පරිසර විනාශ සිදුවන බවත්, ඒ පිළිබඳව වැඩිම වේදනාවක් තිබෙන්නේ නිරන්තරයෙන් පරිසරය සමග ගනුදෙනු කරන ආදිවාසීන්ට බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසනවා.
අද (03) මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ආදිවාසී නායකයා ප්‍රකාශ කළේ රටේ පරිසර සම්පත රැක ගැනීම වෙනුවෙන් සියලු දෙනාම වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. සොබාදහම රැක ගැනීම සියලු දෙනාගේම වගකීම බවද ඔහු අවධාරණය කරනවා.
20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් ආදිවාසී නායකයාගෙන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව කතා කිරීමට තරම් දැනුමක් හෝ කැමැත්තක් තමාට නොමැති බවයි. ඊට වඩා වැදගත් වන්නේ රටපුරා සිදුවන පරිසර විනාශය හා එම විනාශය නැවැත්වීම සඳහා සිදුකරන මැදිහත්වීම බවද ඔහු පවසනවා.
No comments: