Header Ads

Breaking News
recent

ලොක්ඩවුන් නගරයේ වෙලදසැල් අරී.. PHI සහ කඩ හිමියන් අතර උණුසුම් තත්වයක් !

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමුවිම නිසා හැටන් නගරය ඉකුත් (27) දින සිට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරිණ.

සිව් දිනක් තිස්සේ වසා දමා තිබු වෙලදසැල් (31) දින විවෘත කිරිමටත් , කොවිඩ් 19 වෛසරය අසාදනය වු හැටන් මහජන වෙලදපොල තවදුරටත් වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා උපදෙස් ලබා දි ඇත.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් හමු වු හැටන් මහජන වෙලදපොල භුමියේ වෙලදසැල්ද (31) දින වෙලදසැල් හිමියන් විසින් විවෘත කර තිබු අවස්තාවේ එය වැසිමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා සහ ව්‍යාපාරිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

හැටන් මහජන වෙලදපොල භුමිය විෂබිජහරණය කිරිමෙන් පසු විවෘත කිරිමට උපදෙස් ලබාදෙන තෙක් එය විවෘත නොකරන ලෙස හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා හැටන් මහජන වෙලදපොලේ වෙලදසැල් හිමියන්ට තරයේ අවවාද කෙරිණ.

(31) දිනයේ වෙලදසැල් විවෘත කලද හැටන් නගරයට පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් නොපැමිණි අතර ,  බස් රථ ධාවනයද ඉතා අවම තත්ත්වයක පැවතින.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.