Header Ads

Breaking News
recent

මහර බන්ධනාගාර නිලධාරීන්ව ප්‍රාණ ඇපයට ගනී - බන්ධනාගාර ගැටුමින් 06ක් මරුට.. 37ක් රොහලේ


මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියන් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහර බන්ධනාගාරය ප්‍රකාශ කළේ.

මහර බන්ධනාගාරයේ නිලධාරීන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් පැන යාමට තැත් කළ රැඳවූවන් පිරිසක් පාලනය කිරීමට ඊයේ (29 වැනිදා) පස්වරුවේ වෙඩි තැබීම සිදු වූ බව එම බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

රැඳවූවන් විසින් හෙද නිලධාරියකු සහ නියාමකවරයකු ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි බව බන්ධනාගාර මූලස්ථාන නිලධාරියෙක් ප්‍රකාශ කළා.

කලහකාරී ලෙස හැසිරුණු රැඳවූවන් බන්ධනාගාර මුළුතැන්ගෙය සහ ලේඛනාගාරයට ගිනි තබා දැඩි ලෙස අලාභ හානි කර ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කරනවා.

පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මහර බන්ධනාගාරයේ රැඳවූවන් 183කට කොරෝනා වයිරසය ආසාදිතව ඇති බව ඊයේ (29 වැනිදා) තහවුරුවීම හේතුවෙන් මෙම කලහකාරී තත්ත්වය හටගෙන තිබෙනවා.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

No comments:

Powered by Blogger.