Header Ads

Breaking News
recent

ජනාධිපතිගේ නඩු 35කට මං පෙනී ඉදල තියෙනවා.. බොරු නඩුවලින් නිදහස් වීම පුදුමයක් නොවෙයි - අධිකරණ ඇමති

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවරන ලද නඩු 35කට පමණ තමන් පෙනී සිට ඇති බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට, නාමල් රාජපක්ෂ මහතාට, බැසිල් රාජපක්ෂ මහතාට, චමල් රාජපක්‍ෂ මහතාට විරුද්ධව දේශපාලන වශයෙන් නඩු ගොනු කළ බවද ඔහු සඳහන් කළේය.

ඔවුන් කිසිවෙකුට විරුද්ධව සාක්ෂි ලබා දෙන ලෙස බලපෑම් කරන ලද බවට සාක්ෂි ඇතැයිද ඒ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එනිසා එම නඩුවලින් නිදහස් වීම ගැන තමන්ට ප්‍රශ්නයක් නැතිබවත් බොරු නඩු දැමූ පසු ඒවා පවත්වාගෙන යාමට නොහැකිය නඩුවෙන් නිදහස් වීම අනිවාර්යෙන් සිදුවෙන බවත් ඒ මහතා කියා සිටියේය.

එවන් නඩු පළමු අධිකරණයෙන්ම නිදහස් වන බවත් එසේ නැතිනම් අභියාචනාධිකරණය මගින් නිදහස් වන බවත් තමන්ට නම් එය පුදුමයට කරුණක් නොවන බවත් අධිකරණ ඇමතිවරයා තවදුරටත් පැවසීය.


No comments:

Powered by Blogger.