Header Ads

Breaking News
recent

නැන්දා මැරෙන්න දවසකට කලින් පුතා අවසන් කටයුතු වලට මුදල් ගෙවලා

අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ නියෝගයක් මත මීට මාස 8කට පෙර ගොඩගත් මළ සිරුර අතුරුදහන් වී ඇති බවත් මේ තාක් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නැති බවත් අදාල නඩු ගොනුව අධිකරණයෙන් අස්ථානගතව ඇති බවත් අරුණට වාර්තාවේ.

රාගම ප්‍රදේශයේ අවිවාහකව තනිව ජීවත්ව සිට ඇති මෙම කත ඇගේ ඥාති පුත්‍රයකුගේ ඉල්ලීම මත ඔහු හා විසීමට යාම සඳහා සිය නිවස විකුණා මුදල් ලබා ගෙන දින තුනකින් අභිරහස් ලෙස මිය ගොස් තිබුණි.

කත මිය යාමට දිනකට පෙර ඇගේ ඥාති පුත්‍රයා විසින් අවසන් කටයුතු සඳහා මල් ශාලාවට මුදල් ගෙවා තිබීමත්. කත නිවස විකුණා ලබා ගත් බැංකුවේ දමා තිබුණු මුදල් කත මිය යාමෙන් සතියකට පසු අදාල ඥාති පුත්‍රයා විසින් ලබා ගෙන තිබීමත් කත මිය යන අවස්තාවේදී නිවසේ තබා ගෙන සිටියා යැයි කියන රු ලක්ෂ 7ක මුදල් අස්තාන ගත වීම අදාල ඥාති පුත්‍රයා විසින් සැක නොමැති බව පැවසීමත් සමග මිය ගිය කතගේ වැඩිමහලු සොහොයුරිය මෙම මරණය සැක කටයුතු මරණයක් යැයි පවසා ඇත.

පැමිණිල්ල දාන්න රාගම පොලිසියට ගිය තැන සිට මළ සිරුර අස්තාන ගත වීම දක්වා නිලධාරීන් හා බලධාරීන් රටේ නීතිය නවපු හැටි ගැන ඥාති දියණිය රටටම කියන කතාව පහත වීඩියෝවෙන් බලන්න.

No comments:

Powered by Blogger.