Header Ads

Breaking News
recent

ආණ්ඩුව වසංගතය විකුණගෙන කන්න හදලා ඉල්ලගෙනම කෑවා - රන්ජන්

කොරෝනා වසංගතය විකුණගෙන කන්න ගිය ආණ්ඩුව අන්තිමට ඉල්ලගෙන කෑ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසුවේය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

''මේ අයට යුද්ධය ව්‍යාපාරයක්. කොරෝනා ව්‍යාපාරයක්. ඒක තමයි තිත්ත ඇත්ත. කොරෝනා බිස්නස් එකක් කරගත්තා. ශ්‍රී ලංකාව දුපතක්. මේකට දේශපාලන ආශිර්වාදයක් නැතුව කොහෙත්ම කොරෝනාවලට එන්න විදිහක් නැහැ. චීන කාන්තාවක් ආවා. චීන කාන්තාව එක්ක වැළඳගෙන චුම්බනයක් දීලා සෞඛ්‍ය ඇමතිතුමිය කිව්වා ශ්‍රී ලංකාව  සේෆ් ෆෝ කොරෝනා කියන ටයිටල්  එක දැම්මා. 

සංචාරක අමාත්‍යාංශය වීඩියෝවක් නිකුත් කළා බය නැතුව එන්න ලංකාවේ කොරෝනා නැහැ කියල. වසංගතය විකුණන් කන්න හැදුවා.  මේක ඉල්ලගෙන කෑවා. පහුගිය ටිකේ පොම්පියෝ එද්දී නිරෝධායනය තිබුණේ නැහැ. චීන දූත කණ්ඩායම එද්දි  සෞඛ්‍ය අමාත්‍යතුමිය මොනවද කිව්වේ,ඒ අය හයි ක්ලාස් උදවිය කිව්වා. කොමියුනිට්ස් පක්ෂයේ නායකයෝ එන්නේ කිව්වා. ඒ කියන්නේ කොමියුනිට්ස් පක්ෂයේ නායකයන්ට කොරෝන හැදෙන්නේ නැහැ. අපි දන්නා විදිහට චාල්ස් කුමාරයට හැදුනා. බ්‍රිතාන්‍ය අගමැති බොරිස්ට හදුනා. අපි දන්නා විදිහට ලෝක පොලිස්කාරයා ඩොනල්ඩ් ට්‍රුම්ප්ට හදුනා. නමුත් පවිත්‍රා  ඇමතිතුමිය කියන විදිහය හයි ක්ලාස් චීනේ අයට කොරෝනා හැදෙන්නේ නැහැ. ඒ නිසා නිරෝධයනයක් නැහැ. 

මේ අස්සේ මේ ගොල්ලෝ ගිවිසුම් අත්සන් කරනවා. පොම්පියෝට කියලා ඒවා කරගත්තා.  චීන දුත කණ්ඩායමට  කියල අනිත් ඒවා කරගත්තා.  ඉන්දියන් කට්ටියක් ආවා. බ්‍රැන්ඩික්ස්  කට්ටියක්  ආවා. මේ සේරම එක්ක කොරෝනා වසංගතය  ව්‍යාපාරයක් කරගත්තා.''

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ අර්බුදයක් පෙන්වා වන අතර අර්බුදය විකුණගෙන කා  අර්බුදය දඩයමක් කරගෙන විනාශ වන්නේද අර්බුදයෙන් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. එය ඔවුන්ගේ ඉතිහාසයේ සිටම එන දෙයක් බවයි රන්ජන් රාමනායක මහතා කියා සිටියේ. 

No comments:

Powered by Blogger.