Header Ads

Breaking News
recent

මහර බන්ධනාගාර ගැටුම රජයේ මත්ද‍්‍රව්‍ය මර්ධනයට එරෙහි කුමන්ත‍්‍රණයක්

හර බන්ධනාගාරයේ ගැටුමට හේතුව කිසියම් කුමන්ත්‍රණයක් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. රජය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද මෙම ගැටුමට හේතු වූ බව ද ඇය සඳහන් කළාය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇමතිනිය මේ බව හෙළි කර සිටියායමෙම මෙම තත්වය ඇති කිරීම සඳහා බාහිර පාර්ශවය සහ නිළධාරීන්ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසූ ඇය ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද සඳහන් කළාය.

මෙම ගැටුම මගින් උත්සාහ කළේ කොරෝනා වසංගතයේ පිට දමා බන්ධනාගාරවල සිටින අය එළියට පැමිණීම බවද ඇය තව දුරටක් කියා සිටියාය.


No comments:

Powered by Blogger.