Header Ads

Breaking News
recent

ලංකාවේ අත්හදාබලන්න යන්නේ ඉන්දියානු කොරෝනා එන්නතක්?

රුසියාවේ ස්පුට්නික් 5 එන්නත ජර්මනියේ පිෆ්සර් එන්නත හා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් එන්නත කොරෝනා මැඩලීම සම්බන්ධයෙන් මේ වනවිට 3 වන අදියරේ පවතින අතර තරමක් සතුටුදායක ප්‍රතිඵල පෙන්වා ඇති නමුත් තවම ලෝකයේ කොරෝනා වසංගත රෝගය මැඩලීමට සාර්ථකයයි පිළිගත් එන්නතක් නොමැති පසුබිමක මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් 19 සඳහා වන එන්නතක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එකඟ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද සවස පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දෙන ලදි.

ලංකාවේ කොරෝනා වසංගතය දැන් අතිශය පීඩාකාරී කාරනාවක් වී ඇති වෙලාවේ මෙම එන්නත පිළිබඳ ආරංචිය අතිශය සුබදායි පණිවිඩයකි. නමුත් ඒ ගැන පවතින විශ්වාසය තවම පැහැදිලි මදි බවක් පෙන්නුම් කෙරේ.

වැදගත්ම කාරණාව වන්නේ මේ ගැන මාධ්‍ය වෙත යොමු කර ඇති විස්තරයේ කවර එන්නතක් මෙසේ ලබාදෙන්නේද යන්න සඳහන් නොකිරීමය.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමග ඖෂධ සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සහ ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත ඉන්දියානු ජාතික වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර වාර්තාවන ආකාරයට තවමත් පර්යේෂණ අදියර 2 මට්ටමේ පවතින ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරමින් තිබෙන කොවිඩ් – 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට සූදානම් වන බව කියැවේ.

මෙරට ජනගහනයෙන් සියයට 20 කට මෙම එන්නත ලබාදෙන්නට යන බව කියැවුණද තවම ඒ සම්බන්ධයෙන් පවතින සාර්ථකත්වය ගැන පර්යේෂණ දත්ත ප්‍රකාශයට පත් කිරීමක් සිදුව නැති අතර එන්නත සකසා ඇති බව කියන ඉන්දියාව මේ වනවිට කොරෝනා වසංගතයෙන් වැඩිම පීඩාවට පත්ව ඇති රටක් බවටද පත්ව තිබේ.
 මෙවැනි දෙයක් අත්හදාබලන්නට පෙරාතුව එන්නත සම්බන්ධයෙන් ඇමතිනිය පත්කර ඇති කමිටුව ඒ සම්බන්ධ නිසි පැහැදිලි කිරීමක් ජනතාවට සිදු කරනු ඇතැයි අපේක්ෂාවයි.

එන්නත ගැන ඊයේ සවස අමාත්‍යංශ නිවේදනය පහත පරිදිය. 


No comments:

Powered by Blogger.