Header Ads

Breaking News
recent

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානයට රජයේ අවසරය… තවුහිත් ජමාත් සංවිධානය ඇමති අලි සබ්රිට ස්තුති කරයි

කොරෝනා වෛරසය ආසාදන වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබේ. ඒ බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි. මීට පෙර  ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගයෙන් මිය ගිය ඉස්ලාම් භක්තිකයන්ගේ මල සිරුරු භූමදානයට අවසර නොදීම පිලිබඳ චෝදනාත්මක ලිපියක් ජනාධිපතිතුමාට යොමු කර තිබිණි.

කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු ඉස්ලාම් ආගම අනුකූලව සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතාද ඉල්ලීම් කර තිබුණි.

මේ අතර තමනට මේ දිනවල ලැබෙන දුරකථන ඇමතුම් 99%ක්ම මෙම ප්‍රශ්නය ගැන වන බව ද මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ ලෙස ඉදිරිපත් කළ විට අන්තවාදීන් ලෙස හංවඩු ගසන බවද මෙම කාලය රටේ සියලු ජනතාවට අමාරු කාලයක් බව ද සඳහන් කරමින් කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට ඉඩ ලබාදෙන ලෙස අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ජනාධිපිතිවරයාගෙන් හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා තිබේ..

මේ අනුව මුස්ලීම් සමාජයෙන් කල ඉල්ලීම් සලකා බලා මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා අවසර ලබාදීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟවී තිබේ

සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට, අධිකරණ ඇමති අලි සබ්රි මහතාට ස්තුතිය පල කරමින් යොමු කරන ලද ලිපියක්ද ඔවුන් මාධ්‍ය වෙත යොමු කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.






























මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉස්ලාම් භක්තිකයකු කොරෝනා රෝගයෙන් මිය ගියහොත් එය භූමදාන කිරීම වළක්වාලියයුත බව පැවසූ වීඩියෝව පහතින්


No comments:

Powered by Blogger.