Header Ads

Breaking News
recent

ජනපති දිවුරුම් දෙන දවසේ පාක්ෂිකයෝ රුවන්වැලි සෑය ළඟ හූ කිව්වා. ඒවාට වන්දි ගෙවන්න වෙනවා - විමලඥාන හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙන අවස්ථාවේදී එම උත්සවයට සහභාගී වූ පාක්ෂිකයින් රුවන්වැලි සෑය ඉදිරිපිට "හූ" කියූ බවත් ධර්මය අනුව එවැනි ක්‍රියාවන්ට වන්දි ගෙවීමට අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවත් අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරයේ විහාරාධිපති අටබාගේ විමලඥාන නාහිමියෝ පවසති. 

"ආණ්ඩුව පැත්තෙන් ලොකු වුවමනාවක් ඒගොල්ලොන්ට තියෙනවා ජනාධිපතිතුමාගෙ අදහස හොඳයි, යන ගමන හොඳයි. නමුත් ඕක ඇතුළෙ ඔය ගමන ඔය විදියටම යාගන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නැතිවෙයි කියලා හිතෙනවා ප්‍රශ්න උඩ. 

අනිත් එක මේ රටේ වැඩ කරනවා නම් සැබෑ පිරිසිදු හදවතින් වැඩක් කරන්න ඕනෙ. නැත්නම් කොතන හිටියත් හරියන්නෙ නෑ. ඔය රුවන්වැලි සෑයෙ මළුවේදී ජනාධිපතිතුමා දිවුරුම් දුන්නානෙ. දිවුරුම් දෙන අවස්ථාවේදී - ඔතන සිරිසඟබෝ රජ්ජුරුවෝ, භාතිකාභය රජ්ජුරුවෝ ... ඒ හදවතින්ම පන්සිල් රකින උදවිය, සම්බුද්ධ ශාසනය රැකගෙන අවංකවම කටයුතු කරන රජවරු හිටියා මේ රටේ. ඒ ගොල්ලො ප්‍රාතිහාර්ය පෑව තැන් ඔය - ඒ තැන්වලට ගිහිල්ලා "හූ" කියන්න ගියාම සාදු කියනවා වෙනුවට ? එදා "හූ" කිව්වානෙ. 

ඒවාට දෙයියෝ කෝප වෙනවා. ඒවා හොඳ දේවල් නෙවෙයි. අර රජවරු ගිහිල්ලා ප්‍රාතිහාර්යය දක්වන්න යම්කිසි ප්‍රාතිහාර්යය බලයක් ලැබුණා නම් මේගොල්ලො හූ කියනකොට කොහොම ලැබෙයිද ? ඒවා එහෙමයි ධර්මය පැත්තෙන්. ඒ නිසා ඒ වෙච්ච ඒවාට වන්දි ගෙවන්න වෙනවා. අපි ධර්මයත් එක්ක ජීවත් වෙන හින්දා අපට ඕවා බණ පොතෙන්ම තියෙනවා. ඒ නිසා මේ රටට වැඩක් කරන්න ඕනෙ නම් අවංකව, අව්‍යාජව ඒ ගමන යන්න ඕනෙ" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

අටබාගේ විමලඥාන හිමියන් මේ බව පැවසුවේ පසුගිය 06 වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ගිය අවස්ථාවේදී රටේ වත්මන් තත්වය පිළිබඳ අදහස් දක්වමිනි. 

No comments:

Powered by Blogger.