රෝග ලක්‍ෂණ ඇති අටළුගම ජනතාවගෙන් බාගයක්වත් කොරෝනා පරීක්‍ෂණවලට එන්නේ නෑ.. අවාසනාවන්ත තත්වයක් - හමුදාපති
අටුලුගම ප්‍රදේශයේ උණ රෝගයෙන් පෙළෙන පිරිස්වලින් හරි අඩක් වත් කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන් ලබාදෙන බොරු ලිපිනයක් නිසා නිලධාරීන් එම ලිපින වලට ගිය විට මගහැරීම් සිදුවන බවත් කොරෝනා පරීක්ෂණවලට සහභාගි නොවන බවත් හමුදාපතිවරයා කීය.
මෙම තත්ව යටතේ සියලු දෙනා වගකීමෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවත් නිවාස වලට පැමිණ හොරු අල්ලන්නා සේ මෙය සිදු කළ නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
තත්වය මෙසේ පැවතිය හොත් හුදෙකලා කිරීමේ කාර්යය සැලකිය යුතු කාලයක් සිදු කිරීමට සිදුවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
මෙම තත්ත්වය ඉතා අවාසනාවන්ත එකක් යයිද පැවසූ හමුදාපත්වරයා මෙවන් ගැටලුවලදී සහයෝගය දක්වමින් වගකීමෙන් කටයුතු කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවද පැවසීය.

No comments: