Header Ads

Breaking News
recent

එජාප මොණරාගල රැස්වීමේදී සජිත්ට බනින්න ගිහින් තෙවරප්පෙරුම ඇනගනී

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මොණරාගලදී පැවති පාක්ෂික හමුවක් අතරතුර දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. 
එම රැස්වීම ඇමතූ හිටපු ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව විවේචනය කරමින් අදහස් දැක්වීම නිසාය. 

පාලිත තෙවරප්පෙරුම මහතා සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරමින් කතා කිරීමත් සමග එම රැස්වීමට සහභාගී වී සිටි පාක්ෂිකයින්ගෙන් ඊට දැඩි විරෝධයක් පළවී තිබුණු අතර  රුවන් විජේවර්ධන මහතාට ද තත්වය පාලනය කරගැනීමට අසීරු වී ඇති බව සඳහන්. 

ඒ අනුව 20 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවති එම රැස්වීම අතරමග නතර වී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ. 

No comments:

Powered by Blogger.