Header Ads

Breaking News
recent

රජය කිසිසේත්ම ෆේල් නෑ.. කොරෝනා හොදින් පාලනය කරලා තියෙන්නේ - හමුදාපති

කොරෝනා වෛරසය රජය කිසිසේත්ම අසමත් වීමක් සිදු වී නැති බවත් වෛරස ව්‍යාප්තිය ඉතා හොඳින් පාලනය කරගෙන සිටින බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. රජය අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ ඉතාමත් හොඳින් වෛරසය පාලනය කරනු ලබන බවද පැවසූ ඔහු කිසි විටෙක අසත්‍ය කීමේ උවමනාවක් නැති බවත් සඳහන් කළේය.

අද පෙරවරුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ වෙමින් ඔහු මේ බව පැවසීය.

රටේ ජනතාවට අඩුම පීඩනයක් සහ ආර්ථිකයට අවම හානියක් ඇතිවන ආකාරයට මෙම කටයුතු සිදුකරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

කිසිසේත්ම රජට ෆේල් නැති බවත් මෙතරම් ජන ඝනත්වයක් සහිත කොළඹ ප්‍රදේශයේ දී ද වෛරසය මේ තත්ත්වයෙන් පාලනය කරගෙන සිටින බවත් පැවසූ ඔහු මෙතරම් සංකීර්ණ තත්ත්වයක් මතු වූයේය රටටම මත්ස්‍යයන් ප්‍රවාහනය කරන වෙළඳ සංකීර්ණෙයන් බවද පැවසීය.

මිනුවන්ගොඩ පොකුර මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් කිසිසේත්ම රජයේ ෆේල් නැති බවත් ෆේල් වන්නේද නැති බවත් තව දුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.