සේවිකාවනට පහර දුන් RDA ලොක්කා මගේ හිතවතෙක් නොවෙයි.. මාව සම්බන්ධ කල FB කාරයන්ට නීතිය ක‍්‍රීයාත්මක කරනවා - ඇමති ප්‍රසන්න
බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ ඉංජිනේරුවරයා එහි සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පලාත් ආණ්ඩුකරවරයාගෙන් ඉල්ලයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයා වයිස් මාෂල් රොෂාන් ගුණතිලක මහතා වෙත ලිපියක් යවමින් ඔහු ඉල්ලා සිටින්නේ මෙම පුද්ගලයාගේ තරාතිරම නොබලා ඔහුට එරෙහිව වහා කටයුතු කරන ලෙසයි.
බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධණ අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ ඉංජිනේරුවරයා එහි සේවිකාවකට පහර දීමේ සිද්ධිය ඇතුලත් විඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය වල සංසරණය වේ. මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බවත්. දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන තමන් කවරාකාරයේ හෝ කාන්තා හිංසනයකට එරෙහි බවත් ඇමතිවරයා කියා සිටියි. මෙම සිද්ධියට එරෙහිව වහා පියවර ගත යුතු බවට තමන් ආණ්ඩුව තුලද පෙනී සිටින බව ඇමතිවරයා ආණ්ඩුකාරවරයා වෙත යැවූ ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ ඉංජිනේරුවරයා තමන්ගේ ආධාරකරුවෙකු බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් සදහන් කර තිබේ. විපක්ෂයට සම්බන්ධ පුද්ගලයින් හා ෆෙස්බුක් පිටු මගින් සිද්ධියට තමන්ගේ නම ඈදගෙන තිබෙන්නේ තමන්ව හා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ උවමනාව මත බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල සිය ගමේ තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති කාර්යාලයක ඇති වූ සිද්ධියකට තමන්ගේ නම ඈදාගැනීමෙන්ම එය තහවුරු වන්නේ යැයි පෙන්වා දෙයි.
මේ නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව මඩ ප්‍රචාරය කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බවද ඔහු සිය නිළ ෆෙස්බුක් ගිණුමේ සටහන් කර තිබේ. තමන්ට කිසිදු සම්න්ධයක් නොමැති සිද්ධියකට තමන්ගේ නමද ඈද ගනිමින් මඩ ප්‍රචාර කරනු ලබන පුද්ගලයන්ට එරෙහිවද පියවර ගන්නා බව ඔහු සිය නිල ෆෙස්බුක් පිටුවේ සදහන් කර තිබේ.
– ප්‍රදීප් අනුර කුමාර

No comments: