11ක් මැරුණු මහර හිරගෙදරට හරීන් එක්ක මන්ත්‍රීවරු 10ක් රිංගයි - (video)
ගැටුම් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්වය විමසීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දස දෙනෙක් මේ වන විට මහර බන්ධනාගාරයට ගොස් තිබේ.
හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රිවරු දස දෙනා මහර බන්ධනාගාරයට ගොස් ඇති අතර මේ වන විට එහි තත්වය සොයා බලමින් සිටින බව වාර්තා වේ.
නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, රෝහිණී කවිරත්න, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, මුජිබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරු මෙසේ මහර බන්ධනාගාරයට ගොස් තිබේ.
මේ වන විට මහර ප්‍රදේශයට අධික වර්ශාවක් පතිතවන නමුත් වැසි තත්වය නොතකා හරිමින් බන්ධනාගාරයේ රැදවියන් සිටි ස්ථාන මන්ත්‍රීවරු පරීක්ෂා කරමින් සිටින බවද අනාවරණය වේ.

No comments: