අර්ජුන් මහේන්ද්‍රන් ගැන අධිකරණ ඇමති නීතිපතිගෙන් විශේෂ වාර්තාවක් ඉල්ලයි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්විය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවයි.
අදාල වාර්තාව අද හෝ හෙට දිනයේදී තමා වෙත ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පවසනවා.
දැනට සිංගප්පූරුවේ ජීවත් වන බවට වාර්තා වී ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු අදාල වාර්තාවේ අඩංගු වන බවයි අධිකරණ ඇමතිවරයා පවසන්නේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා උදර්පණ නීතිය යටතේ යළි ශ්‍රී ලංකාවට භාර දෙන්නැයි ශ්‍රී ලංකාව සිංගප්පූරු රජයෙන් නිළ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම ඉල්ලීමට අනුව, සිංගප්පූරුවේ පුරවැසිභාවය හිමි අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට භාරදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

No comments: