දයාසිරි නිසා 100ක් අමාරුවේ: පන්සල් 7ක් වහයි
කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හික්කඩුව සුපර් කොරල් හෝටලයේ ප්‍රතිකාර ලබමින් සිටින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ආශ්‍රිතයන් 100ක් හඳුනාගෙන ඇති බවත් පස්නල් 07ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් වාර්තා වේ.
ඔහු පසුගි ජනවාරි පළමුවෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වී ඇති අතර එම අවස්ථාවට කම්කරු අමාත්‍යතුමා නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගීවී සිට තිබේ. එම අවස්ථාවේදී දයාසිරි ජයසේකර සිට ඇත්තේ සිය මුව ආවරණ ඉවත් කරගෙනය.
එමෙනම ඔහු පසුගියදා බිංගිරියේදී සිය මහජන දිනයද පවත්වා ඇත. එම අවස්ථාවටද ජනතාව සහ භික්ෂූන් වහන්සේලා සහභාගී වී සිට ඇති අතර ඒ සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අවධානය යොමු වී තිබේ.
කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට කොවිඩ් – 19 ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති බවය.
No comments: