Header Ads

Breaking News
recent

මැදවච්චියෙන් පැනමා පිටුඅතරට ගොස් අක්කරය 100ට ගෙන ටයර් කම්හලක් දැමූ ලොකුවිතාන

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා විවෘත කළ ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගම (Ferentino Tyre Corporation- PVT Ltd) දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි.

මේ සුවිශාල ආයෝජනය සිදු කරන ලද්දේ ශ්‍රීලාංකික ව්‍යාපාරිකයකු වන නන්දන ජයදේව ලොකුවිතාන විසිනි.

මේ කර්මාන්ත ශාලාව හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක ස්ථාපනය කර තිබේ.

වරක් ඉකුත් යහපාලන ආණ්ඩුවේ සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් මෙහි ඉදිකිරීම් තාවකාලිකව නවතන්නට ද කටයුතු යෙදුණි.

ඒ මේ ව්‍යාපෘතිය තුළ බරපතළ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට සැක පහළ වී ඇතැයි කියමිනි.

එහිදී මේ සඳහා එල්ලවූ බරපතලම චෝදනාව වූයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇති රජයේ ඉඩම සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙකන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද බරපතල විවේචන එල්ල කළ අතර ඔහු වරක් රූපවාහිනී දේශපාලන සංවාදයකදී මෙසේද කියා සිටියේය.

මේ අතර තරුණ දේශපාලන විචාරකයකු වන රසික ජයකොඩි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හොරණ ටයර් කර්මාන්ත ශාලාවට මුල් ගල තැබූ විට එය “සෙල්ලම් ටයර් කර්මාන්ත ශාලාවක්” ලෙස හැඳින්වූ රෝහිත අබේගුනවර්ධන (රත්තරං) ද එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වී ඇති බවත්, ඉන් ඔවුන් සියලුම පොදුජන පෙරමුණු පාක්ෂිකයන් මෝඩයින් බවට පත්කර ඇති බවත් කියා සිටී.




අවුරුදු 99 ක කල්බදු : දොළොස් වසරක බදු සහන

එසේම සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් කල්බදු ක්‍රමය යටතේ ඉඩම් ලබා දෙන්නේ වසර 50 ක කාලයක් සඳහා පමණක් වුවත් ආර්ථික කළමනාකරණය සඳහා කැබිනට් අනුකමිටුව විසින් නන්දනගේ සමාගමට අවුරුදු 99 ක කල්බදු පහසුකමක් ලබා දී ඇත.

ඊට අමතරව දොළොස් වසරක ආදායම් බදු සහනයක් ද ලබා දී ඇත.

එමෙන්ම හොරණ වගවත්ත ආයෝජන කලාපයෙහි අක්කරයක වාර්ෂික බදු වටිනාකම රු. 578,000 ක් පමණ වන ඉඩම අක්කරය වාර්ෂිකව රු. 100 බැගින් හෙවත් 99.98% ක බදු සහනයක් යටතේ 99 අවුරුදු බද්දට අක්කර 100 ක් ම පුදුම ගිවිසුමකින් පවරා දීම ගැටලුසහගතය විය.

ඇත්තටම ලෝකයේ ලොකුම ලොතරැයිය ඇදුණා නම් මිස 1989 වසරේ නිෂ්පාදන සහකාරවරයකු ලෙස ඇමරිකානු ඩොලර් 225ක වැටුපකට ඩුබායි රාජ්‍යයේ සේවයට ගිය නන්දනට වසර කිහිපයකින් මේසා වත්කමක් උපයන්නට නොහැකි වනු ඇති බවට ද චෝදනා එල්ලව තිබිණි.

පැනමා පේපර්ස්

මේ අතර, හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් තෙන්නකෝන් මහතා ඔහුගේ ෆේස්බුක් පිටුවේ කළකට ඉහතදී සඳහන් කර තිබුණේ පැනමා පේපර්ස් හි සදහන්වන ලංකාවේ වැදගත්ම නම නන්දන ජයදේව ලොකුවිතාන බවයි.

ඔහු එහි වැඩිදුරටත් මෙසේද සටහන් කර තිබිණි.

"ලංකාවේ හද්දා පිටිසර ගමක ඉපදී, මැදපෙරදිග රැකියාවක් සදහා ගොස් සතෙන් සතේ ඉතිරි කොට අවසානයේ ඩුබායි මැරියට් හෝටලය මිලදී ගැනීමට සමත් වූ නන්දන ජයදේව ලොකුවිතාන ගේ නම පැනමා පේපර්ස් හි සදහන් වන්නේ ‘සීසෙල්ෂ්‘ හි ලියාපදිංචිය යටතේ සිදුකළ ඩුඩායි සමාගමක ලියාපදිංචියක් ලෙසිනි.

2005-2010 සමයේ ලංකාවේ බිහිවූ අසිරිමත්ම ආයෝජකයා ලෙස සැලකිය හැකි ලොකුහේවා ලංකාවේ ඉදිකිරීම්, වානේ කර්මාන්ත ආයෝජනය කළේය.

ඩුබායි මැරියට් හෝටලය මිලදී ගත්තේය.

රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකාව විසින් ලංකා බැංකුවේ ශාඛාවක් ආරම්භ කරමින් ව්‍යාපාරික සබදතා වැඩිදියුණු කර ගැනීමට කටයුතු කළ ‘සීසෙල්ෂ්‘ භුමියේ ලොකුවිතානගේ ව්‍යාපාර පැවතීම අහම්බයක් විය හැකිද?

මිහින් ලංකා තමන්ගේ ප්‍රියතම ගුවන්සේවය යැයි නිතරම කියන්නෙකි, කථා නායක ලොකුහේවා!

NILONA FASHIONS LTD. – Villa #13; Al Goaz; P.O.Box 8416; sharjah; UAE ලිපිනය යටතේ ව්‍යාපාර කටයුතු සිදු කොට ඇති නන්දන ජයදේව ලොකුවිතාන ට ‘පැනමා පේපර්ස්‘ ගැන කියන්නට ඇති දේ අසන්නට ලංකාවේ ද, ලෝකයේ බොහෝ දෙනා කැමැති විය හැකිය.

මැදවච්චියේ ඉපැදී ලෝකය දිනූ ලොකු විතාන ගැන පුවත්පත් විශේෂාංගයක් දැන් වත් ලියන්නට ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට දැන් නම් හොදම කාලයයි.

(අන්තර් ජාතික ගවේශණාත්මක මාධ්‍යවේදීන්ගේ ෆෙඩරේෂනය පවසන පරිදි මේ ලොකුවිතාන හැර වෙනත් ලොකුවිතාන ලා ද සිටිය හැකි අතර ලොකුවිතාන සේ මද්දුම විතානලා ගේ නම ලියැවී තිබෙන්නට ද පුළුවන්ය.

ශ්‍රී ලංකා මහ බැංකුව, විනිමය පාලක, දේශීය ආදායම් කොමසාරිස්තුමනි මේ ඔබේ අවස්ථාවයි.)”

නන්දනගේ ගැම්ම...

කෙසේවුවද, කොතරම් මාධ්‍ය විවේචන තිබුණද නන්දන ලංකාවේ ටයර් කමහල දැමීම අත් නොහැරීම භාග්‍යක් බව ආණ්ඩුවට පක්ෂ ආර්ථික විශේෂඥ මතය වී තිබේ.

ඔහුගේ පියා පියදාස ලොකුවිතාන හිටපු විදුහල්පතිවරයෙකි. පිහිඹියගොල්ලෑව පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබු නන්දන එහිදී පහේ ශිෂ්‍යත්වය සමත් ව පසුව තම පියාගේ ගම් ප්‍රදේශය වූ හොරණට පැමිණ හොරණ ජනාධිපති විද්‍යාලයෙන් 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා තිබේ.

එකල රටේ දුෂ්කර දිස්ත්‍රික්කවලින් අඩු ලකුණුවලින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා තිබු අවස්ථාව ලබා ගන්නට පියා නන්දනව යලි මැදවච්චියට ගෙන්වා ගත්තේ තම පුතා ඉංජිනේරුවකු කරන්නට තිබු සිහිනය නිසාය.

ඒ අනුව නන්දන සාමාන්‍ය පෙළ විභාගය හදාරන්නේ අනුරාධපුර නිවන්තක චේතිය විද්‍යාලයෙනි.පසුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් ඔහු උසස් පෙළ හැදෑරීය.

පසුව ඔහුට 1987 දී මොරටුවේ N. D.T හෙවත් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා හදාරන පාඨමාලාව හදාරන්නට අවස්ථාව ලැබුණි. ඒ වන විට රටම ගිනි ගනිමින් තිබිණි. දකුණේ තරුණයෝ ආයුධ අතට ගැනීමත් සමග එවකට පැවති රජයද එය දරුණු ලෙස පාලනය කළේය.

1987- 88 කොළඹ ජීවත්වූ නන්දන අමතර ආදායමක් හොයා ගන්නට ගෙවල්වලට ගොස් සාමාන්‍ය පෙළ ගණිතය විෂයට ටියුෂන් දෙන්නට පටන් ගත්තේය. එයින් ලද ආදයමෙන් ඒ අතරවාරයේ කඳවල සර්ජෝන් කොතලාවල මාවතේ පිහිටි ශ්‍රීලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ පාඨමාලාවක් හැදෑරූ නන්දන ඒ හරහා මහරගම හයිඩ්රාමනි ආයතනයට අනුබද්ධ සිලෝන් නිට්ට්රේඩ් සමාගමේ කෙටි කාලයක් සේවය කළේය.

සියලු අංශවල දක්ෂයකු වූ නන්දන කෙටි කාලයකින් බොහෝ දේ එම සමාගමෙන් ඉගෙන ගත්තේය.

එවකට රටේ පැවති තත්වය තේරුම්ගත් නන්දන හැකි ඉක්මනින් රටෙන් පිටව ගොස් ජීවිතයට සාර්ථක අඩිතාලමක් දමා ගත් අයෙක් සේ සැලැකේ.

-srilankamirror

No comments:

Powered by Blogger.