Header Ads

Breaking News
recent

මහර සිද්ධියේ රැඳවූවන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්

මහර බන්ධනාගාර නොසන්සුන්තාවයේදී මියගිය රැඳවූවන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ. මහර බන්ධනාගාරය තුළ සිටි රැඳවූවන්ගේ ඇප හිමිව තිබූ අයට ඇප බැඳ නිවෙස් වෙත යාමටත් සියලුම රැඳවූවන් සඳහා PCR පරීක්ෂණ කරන ලෙසත් ඉල්ලා පසුගිය නොවැම්බර් 29 වැනි එම රැඳවුවන් සිදු කළ විරෝධතාවය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා තිබිණි.

ඉන් රැඳවූවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි තිබිණි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ රැඳවූවන් පිරිසක් පළා යාමට උත්සාහ කළ බවත් එම තත්වය පාලනය සඳහා වෙඩි තැබීමක් ද සිදුව ඇති බවත්ය.

එමෙන්ම බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කර සිටියේ මෙහිදී රැඳුවුවන්ට වෙඩිතැබීමක් හෝ වෙඩි වැදීමක් සිදුව නැති බවත් ඔවුන් මරණයට පත්ව ඇත්තේ ඔවුනොවුන් අතර ඇති වූ ගැටුම් නිසා බවත්ය.


-lankatruth


No comments:

Powered by Blogger.