Header Ads

Breaking News
recent

අන්තර්ජාලයෙන් ‘වෛරී ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයාගේ ගිණුමේ’ ලක්ෂ 625 ක් – කිසිම රැකියාවක් නෑ !

නිසි ආදායම් මාර්ගයක් නැතත් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් ආගමික හා ජාතික සමගියට බාධා වන පරිදි වෛරී සහගත ප‍්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ බෙදා හරිමින් රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට වෑයම් දරනා ෆසාර් මොහොමඞ් නිශාර් නමැත්තාගේ නමින් පවතින බැංකු ගිණුමකින් කෙටි කාලයක් තුළදී රුපියල් ලක්ෂ සිය ගණනක් සංසරණය වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කළා.

ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටින නමුත් මේ වනවිට කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන නොයන එම සැකකරුගේ නමින් එක්තරා පෞද්ගලික බැංකුවක පවතින ගිණුමකින් ගෙවුණු මාස කිහිපය තුළ රුපියල් ලක්ෂ 625 කට අධික මුදලක් සංසරණය වීම මෙන්ම මසකට රුපියල් ලක්ෂ 3-4 ක මුදලක් ඔහුගේ පෞද්ගලික කටයුතු සඳහා වැය කිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔහු ජීවත් වන ගල්කිස්ස ප‍්‍රදේශයේ පිහිටි නිවසේ කුලිය මසකට රුපියල් 80,000 ක් බවත්, මසකට රුපියල් 55,000 බැගින් ගෙවා කුලී පදනම යටතේ ලබාගත් සුඛෝපභෝගි වාහනයක් ඔහු භාවිත කරන බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මසකට රුපියල් 125,000 බැගින් ගෙවා ඔහු කඩ කාමරයක් කුලී පදනම මත ලබාගෙන මාස කිහිපයක් ගතවී ඇතත් මේ දක්වා එහි කිසිම ව්‍යාපාරික කටයුත්තක් සිදු කර නැතැයි ද කියා සිටියා.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් මුහුණු පොත ඔස්සේ ප‍්‍රකාශ අන්තර්ජාලයට නිකුත් කිරීම, මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ප‍්‍රකාශ නිකුත් කිරීම ඇතුළු චෝදනා යටතේ පසුගිය 13 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරු ඊයේ දක්වා රක්ෂිත බන්ධනගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාර් මහතා පසුගිය 14 වැනිදා නියෝග කොට තිබුණා.


No comments:

Powered by Blogger.