Header Ads

Breaking News
recent

දොස්තරට ගැහුවේ මං නොවෙයි කාලි… කාලි අල්ලන්න බැරි නිසා පැමිණිල්ල විසිවේ.

පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍ය මද්දුම බණ්ඩාරට පහරදීම සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම සඳහා කෑගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණි කාලි පැණියේ නිර්මාතෘ ධම්මික බණ්ඩාර සිය නිවසේදී වෛද්‍යවරයාට පහර දීම සත්‍යයක් බව පිළිගෙන තිබේ. ඒත් ඒ පහර දුන්නේ ධම්මික බණ්ඩාරගේ වේශයෙන් සිටි කාලි මෑණියන් බව ඔහු කියා ඇත. කාලි මෑණියන් ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි නිසා ආරවුල සමථයකට පත්ව ඇත.

අදාල දන්ත වෛද්‍යවරයා තම රෝහලේ වෛද්‍යවරුන් සඳහා “පැණිය” ලබා ගැනීමට ධම්මික බණ්ඩාර ගේ නිවසට ගොස් ඇත. එහිදී තමන්ට පහර දී බලහත්කාරයෙන් පාපොච්චාරණයක් සිදුකර එය වීඩියෝගත කළ බව වෛද්‍යවරයා පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබුණි.

එම පැමිණිල්ල ඉන්පසු කෑගල්ල පොලිසියටත් එතනින් වරකාපොල පොලීසියටත් මාරු විය. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය විසින් ධම්මික බණ්ඩාර අත්අඩංගුවට නොගත් අතර කටඋත්තරයක් ලබා ගැනීම සඳහා කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ ලෙස පමණක් දන්වා තිබුණි. දින කීපයකට පසු පසු පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණි ධම්මික බණ්ඩාර මෙවැනි ප්‍රකාශයක් කර පිටව ගොස් ඇත.

සිය සාමාජිකයෙකුට පහරදීම සහ පොලිස් පැමිණිල්ල විසි වීම සම්බන්ධව රජයේ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

No comments:

Powered by Blogger.