ආණ්ඩුව අපේ රටේ ජීවිත එක්ක එක්ස්පෙරිමන්ට් කරනවා - විපක්ෂ නායක
ආණ්ඩුව මේ ව්‍යසනකාරී මොහොතේ අපේ රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන බවත් ඔවුන්ගේ වගකීම් විරහිත ප්‍රකාශ තුලින් පැහැදිලි වන්නේ මේ රට පරීක්ෂණාගාර බවට පත් කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොරෝනා ව්‍යසනය නිසා දැඩි අවදානමක තිබෙන යුක්රේනයේ සංචාරකයින් මෙරටට ගෙන්වීම වහාම නවතා දැමියයුතු බවයි විපක්ෂ නායකයා පවසන්නේ.
අද(09) මහනුවර ප්‍රදේශයේ සංචාරයක යෙදෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පළමුව මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.
අනතුරුව විපක්ෂ නායකයා මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ඇතුලු පිරිසක්ද එම අවස්ථාවට එක් වූහ.
ඉන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්ෂිත බැම්මට සිදුව තිබූ හානිය නිරීක්ෂණය කිරීම සදහා එම ස්ථානය වෙත පැමිණියේය.
No comments: