රෝහලේදී අවසන් ගෞරව දක්වා, කොරෝනා නිසා මියගිය මුස්ලිම් කතගේ දේහය අදාහනය කිරීමට ඉඩ දුන් ආදර්ශවත් ඥාතීහු
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය වැලිගම කාන්තාවකගේ මෘත දේහයට ඔවුන්ගේ ආගමික චාරිත්‍ර අනුව අවසන් ගෞරව දැක්වීම සඳහා ඥාතින් කිහිපදෙනකුට අවස්ථාව ලබාදුන් බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පැවසීය.
භූමදානය කිරීමට අවස්ථාව ලබා නොදෙන නිසා දේහය රැගෙන නොයන බවත් එම නිසා මියගිය තැනැත්තියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඇයගේ ඥාතීන් හදිසි මරණ පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් අනුව නිරෝධායන නීතිරීතිවලට අනුව මියගිය තැනැත්තියගේ මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට රෝහලේ මෘත ශරීරාගාරය තුළදී ඥාතීන් කිහිපදෙනකුට අවස්ථාව ලබාදෙනු ලැබීය. මියගිය අයගේ ඥාතීහු සිය ආගම සිහිපත් කරමින් විනාඩි 10ක පමණ කාලයක් දේහයට අවසන් ගෞරවය දැක්වූහ. පසුව මෙකී තැනැත්තියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් දැඩැල්ල අදාහනාගාරයේ දී සිදු කරනු ලැබීය. මියගිය ඥාතීන් කිහිපදෙනකු එම අවස්ථාවට ද එක්වූ බව වැඩබලන හදිසි මරණ පරීක්ෂකවරයා පැවසීය.
මිය ගොස් ඇත්තේ මොහොමඞ් තාහිම් නුල් සන්ධ්‍යා (55) නමැති හෙට්ටිවිදිය වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය දියවැඩියාව, අධික රුධිර පීඩනය, වැනි රෝගවලින් ද පෙළුණු තැන්තියකි. ඇය අසනීප වීමෙන් පසු වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකු වෙත රැුගෙන ගොස් තිබුණි. වෛද්‍යවරයා විසින් මෙකී රෝගීයා පරීක්ෂා කර බලා ඇය මියගොස් ඇති නිසා කරාපිටිය රෝහලට රැුගෙන යන ලෙස උපදෙස් දී ඇත. ඒ අනුව මියගිය රෝගියා සම්බන්ධයෙන් කළ පී.සී.ආර් පරීක්ෂණයේ දී ඇයට කොවිඞ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.
ඇත්තට ම මුස්ලිම් අයගේ මරණ ආදාහනය කිරීමට යෑමේ දී ඇතැම් විට නොයෙකුත් මත ගැටුම් ඇතිවන අවස්ථා තිබුණා. මියගිය අයගේ ඥාතීන්ගෙන් බලපෑම් එල්ල වුණා. නමුත් මියගිය මෙකී තැනැත්තියගේ ඥාතීන් ඉතා ආදර්ශවත් ලෙස කටයුතු කළා. ඇත්තටම ඔවුන් මේ අවස්ථාවේ දී ක්‍රියාකළ ආකාරය අගය කළ යුතු යැයි වැඩබලන හදසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේය.
දිවයින
No comments: