Header Ads

Breaking News
recent

පාසල් ළමුන් නිරෝධායන උපදෙස් කඩනවා - සෞඛ්‍ය අංශ

හැටන් ප්‍රදේශයේ සහ අවට වතු පාසල් වලට පැමිණෙන සහ පාසල් නිම විමෙන් පසු නිවස කරා යන සිසු සිසුවියන් නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරන බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පවසයි.

පාසල නිම වි බස් රථ මගින් නිවසට යන පාසල් ළමුන් බස් රථය පැමිණෙන තුරු බස් නැවතුම්පොලේ ගොඩ ගැසි සිටින බවත්,ඇතැම් පාසල් ළමුන් මුඛ ආවරණ නිසි ලෙස නොපැලද ප්‍රධාන මාර්ගවල සැරිසරන බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටින්නේ.

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් පසුගිය සතිය තුල විශාල පිරිසක් හදුනාගත් නිසා එම වෛරය තවදුරටත් පැතිර යාම පාලනය කිරිමට පොලිස් නිලධාරින් සහ සෞඛ්‍යය අංශ නිලධාරින් කටයුතු කරනු ලබයි.

හැටන් ප්‍රදේශයේ ඇතැම් පාසල් වල විදුහල්පතිවරුන් නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දිනපතා පාසලට විශාල සිසු සිසුවියන් පිරිසක් ඇතුලත් කර ගන්නා බවත්,එම සිසු සිසුවියන්ගේ පැමිණිමේ නාම ලේකනය නිසි ලෙස සටහන් නොකරමින් කටයුතු කරන බවට පැමිණිලි ලැබි ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා කියා සිටියේ.

එවැනි පාසල් කිහිපයකට ගොස් පරික්ෂා කල බවත්, නිරෝධායන උපදෙස් වලට අනුකුලව පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන ලෙසට එම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බවද හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.