Header Ads

Breaking News
recent

මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ - දකුණු පලාත් ආණ්ඩුකාර

ති දෙකක කාලයක් තමන් නිරෝධායන වී සිටිය ද ඒ සඳහා ලැබිය යුතු බඩු මල්ල ලැබුණේ නැතැයි දකුණු පළාත ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ගාල්ලේදී පැවති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී ය.

කොරෝනා පළමු ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී තමන් සති දෙකක කාලයක් නිරෝධායනයේ යෙදී සිටි බව ආණ්ඩුකාරවරයා විසින් ම ප්‍රකාශ කලේය.

නමුත් එතෙක් එය දකුණෙ කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු දැන සිටියේ නැත.

තමන් ආශ‍්‍රිතයෙකු වූයේ කාගේ දැයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේද නැත.

පසුගිය සති දෙකක පමණ කාලයේ දී තිබූ උත්සව සහ රැස්වීම් ගණනාවකට ආණ්ඩුකාරවරයා සහභාගී නොවූයේ නොවැලැක්විය හැකි හේතුවක් යැයි කියමිනි.


No comments:

Powered by Blogger.