Header Ads

Breaking News
recent

නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතට - අගමැති පොරොන්දු වෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත් එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. 

වරාය අධිකාරියේ වෘත්තීය සමිති සහ අගමැතිවරයා සමග විජේරාමයේ පිහිටි අගමැතිවරයාගේ නිවසේ පැවති සාකච්ජාවෙන් පසුව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අගමැති ලේකම් කාර්යාලය සඳහන් කර සිටියා.

වත්මන් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වන්නේ දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර දීමට කටයුතු නොකරන අතර එය සීයයට සීයක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවයි මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.

විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ඉරිදිපත් කිරීමෙන් අනතුරුව එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එම කරුණු වලට එම සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම තීන්දුවට වරාය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සිය එකඟතාවය පළකර ඇත. ඒ අනුව දැනට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයද  හෙට සිට නතර කිරීමට වෘත්තීය සමිති එකඟ වී ඇත.

මෙම සාකච්ජාවේදී වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ වරාය නැගෙනහිර පර්යන්තය අන්සතු නොකර බවට ලිඛිතව ලියවිල්ලක් ලබා දෙන ලෙසයි. එහිදී අගමැතිවරයා කියා සිටියේ සිය 50 වසරක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසඳා ඇති අතර එම කිසි දිනක තමන් ඒවා ලිඛිතව ලබාදී නොමැති බවයි. තමන් යමක් ප්‍රකාශ කලොත් එය ඒ අයුරින්ම ඉටුකරන බවට ද අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

අගමැතිවරයා ලෙස තමන් රැස්වීම්වලදී ගන්නා තීරණ එසේම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවත් තමන් ගන්නා තීරණ සාකච්ජාවලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවන බවද මෙහිදී ප්‍රකාශ කර සිටියා.


No comments:

Powered by Blogger.