Header Ads

Breaking News
recent

20 වන සංශෝධනයට සහය දුන්නේ භූමදානයට ඉඩ දෙන බව කිව්ව නිසා-හකීම්ගේ මන්ත්‍රීවරු කියති

ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලය වැඩි කරන 20 වන සංශෝධනයට තමන් සහාය ලබා දුන්නේ මුස්ලිම් මෘත දේහය භූමදානයට ඉඩ දෙන බව ආණ්ඩුව පොරොන්දු වූ නිසා යයි හිටපු රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් පවසයි. අද(14) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මේ බව නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තුවේ සිටින මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු පස් දෙනාගෙන් එහි නායක රවුෆ් හකීම් හැර ඉතිරි හතර දෙනාම 20වන සංශෝධනයට සහය ලබා දුන්හ. එම මන්ත්‍රීවරුන් හතර දෙනාට විරුද්ධව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙතෙක් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
-lankatruth

No comments:

Powered by Blogger.