Header Ads

Breaking News
recent

අපි 20ට ඡන්දය දුන්නේ කොරෝනා මෘතදේහ භූමදානයට පොරොන්දු වූ නිසා - මුස්ලිම් කොංග‍්‍රසය

20 වන සංශෝධනය පක්ෂව ඡන්දය ලබා දුන්නේ කොරෝනා මෘතදේහ භූම දානයට ඉඩ දෙන බවට ආණ්ඩුව විසින් පොරොන්දු වූ නිසා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි. එම පක්‍ෂ නායක රවුෆ් හකීම් මහතා හැර සෙසු මන්ත්‍රීවරුන් 4 දෙනාම මාධ්‍ය වෙත කියා සිටියේ තමන් ආණ්ඩුවේ එම පොරොන්දුව මත 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් බවයි.

නමුත් මෙතෙක් එම පොරොන්දුව ඉටු කර නැති බවද ඔවුහු කියා සිිටියහ.

පක්‍ෂ නායක රවුෆ් හකීම්ගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත්තේ විසිවන සංශෝධනයට සහය දැක්වූ තම පක්ෂ මන්ත‍්‍රීවරුන් ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ගත යුතු බවයි.


No comments:

Powered by Blogger.