Header Ads

Breaking News
recent

මුස්ලිම් ජනයා වෙනුවෙන් අවුරුදු 5ක් ඉවසන්න බැරි නිසයි අපි 20ට ඡන්දය දුන්නේ - මුස්ලිම් කොංග්‍රසය

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේ මුස්ලිම් ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා තවත් වසර 5ක් බලා සිටීමට නොහැකි නිසා බව ෆයිසල් කාසීම් මන්ත්‍රීවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරන කාසිම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දීම නිසා රජයේ මන්ත්‍රීවරුන්ට ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ලැබෙන මුදල් තමන්ටද ලැබුණු බවය.

පක්ෂයේ තීන්දුවට පටහැනිව යමින් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමේ අවශ්‍යතාවයක් නැති බව ද කාසිම් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

තමන් ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී හතරදෙනකු විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම මුස්ලිම් ජනතාව වෙනුවෙන් කළ කැප කිරීමක් බැවින් මුස්ලිම් ජනතාව එවැනි සමාව ගැනීමක් බලාපොරොත්තු නොවන බව ද කාසීම් මන්ත්‍රීවරයාගේ මතය වේ.


No comments:

Powered by Blogger.