Header Ads

Breaking News
recent

"මගේ බලාපොරොත්තුව දකුණෙන් ඡන්දය ඉල්ලලා දිනලා උතුරේ ජනතාවට සේවය කරන්නයි" - අරුන් සිද්ධාර්ථන්

මා අනිවාර්යෙන්ම දේශපාලනයට එන බව යාපනේ සිටින මතභේදාත්මක සමාජ ක්‍රියාකාරිකයකු වූ අරුන් සිද්ධාර්ථන් ප්‍රකාශ කරයි.

තමාගේ බලාපොරොත්තුව දකුණේ ඡන්දය ඉල්ලා සිංහල ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වී උතුරේ ජනතාවට සේවය කිරීම බවද සිද්ධාර්ථන් පෙන්වා දෙයි.

එයින් විශාල පණිවිඩයක් ලෝකයට දිය හැකි බව පෙන්වා දෙන සිද්ධාර්ථන් සිංහල ජනතාව උතුරේ ජනතාවට සේවය කරන්න කෙනෙක් තෝරලා යවලා තිබෙන බවට පණිවුඩයක් දිය හැකි බවද සිද්ධාර්ථන් අවධාරණය කරයි.

අරුන් සිද්ධාර්ථන් මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Powered by Blogger.