Header Ads

Breaking News
recent

බටහිර පර්යන්තයෙන් 85%ක් ඉන්දියාවේ අදානිට: අධිකාරියට 15%යි: කැබිනට් පත්‍රිකාව සම්මතයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම වරාය අධිකාරිය සතුව තබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමට ආණ්ඩුව පියවර ගත්තද බටහිර පර්යන්තයේ 85%ක්ම ඉන්දියාවේ අදානි සමාගම වෙත පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාවද සම්මත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව බටහිර පර්යන්තයෙන් වරාය අධිකාරියට හිමිවන්නේ 15%ක කොටස් ප්‍රමාණයකි.

කෙසේවෙතත් ආණ්ඩුව මුලින් සැලසුම් කර තිබුණේ නැගෙනහිර පර්යන්තයෙන් 49%ක කොටස් ඉන්දියාවේ අදානි සමාගම වෙත පැවරීමටය.

නමුත් ජනතාවගෙන් සහ වෘත්තීය සමිතිවලින් එල්ල වූ දැඩි විරෝධය හේතුකොටගෙන එම තීන්දුව හකුලා ගැනීමට ආණ්ඩුව පියවර ගෙන තිබිණ.



No comments:

Powered by Blogger.