Header Ads

Breaking News
recent

උතුරේ දුපත් තුනත් චීන බලශක්ති ව්‍යාප්තිවලට.. ඉන්දියාව කැළඹෙයි.. වහාම විරෝධය දක්වයි..

බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වල අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙනි.

පසුගිය ජනවාරි මස 18 වැනිදා මෙම බලශක්ති ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.

ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමිනි.

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියට චීන සමාගම හවුල් වී ඇත්තේ නිසි පරිදි සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටතේ ටෙන්ඩර් කැඳවීමකින් පසුවයි.

No comments:

Powered by Blogger.