Header Ads

Breaking News
recent

නැගෙනහිරින් ආ විරෝධතා පා ගමන උතුරට ලඟා වෙයි - මුල්ලිවයික්කාල් ස්මාරකයේ පහනත් දල්වයි

ල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නගෙනහිර පලාතෙන් ආරම්භ වූ විරෝධතා පාගමන මුලතිව්, වවුනියාව හරහා මන්නාරමට ගමන් කිරීමෙන් පසුව අද (06) මන්නාරමේ සිට කිලිනොචිචිය දක්වා ගමන් ඇරඹීමට සංවිධායකයින් විසින් පියවර ගෙන ඇත. අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් පසුගිය 03 වනදා ආම්භ වූ මෙම විරෝධතා පාගමන මඩකලපුව හරහා ත්‍රීකුණාමලයට පැමිණීමෙන් අනතුරව මුලතිව් නගරයට පිවිසියේය.

අනතුරුව මුලතිව් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී විරෝධතාකරුවන් විසින් ස්මාරකයේ පහන් දල්වා නෙඩුන්කේනි හරහා වව්නියාවට ලඟා විය. මේ අනුව වව්නියාවේ සිට මන්නාරම නගරයට පිවිසීමෙන් අනතුරුව මන්නාරමේ සිට අද (06) දින තුනුක්කායි මල්ලාවි, මාන්කුලම් හරහා කිලිනොච්චියට ලඟා වීමට නියමිතව ඇති අතර හෙට (07) දිනයේදී යාපනයෙන් අවසන් කිරීමට පියවර ගෙනඇත.

මේ අතර විරෝධතා පාගමන වෙනුවෙන් සෑම දිස්ත්‍රීක්කයකින්ම අදාල පොලිස් ස්ථාන විසින් අධිකරණ තහනම් නියෝග ගෙන තිබුනද එම තහනම් නියෝග නොසලකා හරමින් විරෝධතා පාගමන් පැවත්වීම විශේෂ විය.

උතුරුනැගෙනහිර පුරාවිද්‍යා කැනීම් වලට විරෝධය පෑම, දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, යුද්දයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දීම, වතුකම්කරුවන්ට රුපියල් දහසක දීමනාවක් ලබා දීම, කොරෝණා වෛරසයෙන් මිය යන මුස්ලිම් වරුන් අදාහනය නොකිරීම ඇතුලු කාරණාවන් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන පැවත්වෙයි.

විරෝධතා පා ගමන වෙනුවෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කිහිපයක් මූලිකත්වය දරා ඇති අතර ඊට අමතරව සිවිල් සංවිධාන, අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුව හා ආගමික නායකයින් ඇතුලු පිරිසක් විසින් සංවිධානය හා මෙහෙයවීම සිදුකරනු ලබයි.


No comments:

Powered by Blogger.