Header Ads

Breaking News
recent

විමල්ට බනිනන්නේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න සිටි අයයි.. දෙන්න බැරි වීමේ කේන්තියටයි - වාසුදේව

නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට නොහැකි වීම නිසා ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිත් රිදවා ගෙන සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඉන්දියාවට එම ජැටිය දීමට ආණ්ඩුවේ සමහර පිරිස්ද පක්ෂපාතිත්වයක් තිබූ බව ඔහු පවසයි.

තමන් ඇතුළු පිරිස් ඊට විරෝදය දැක්වීම නිසා අවසානයේ එම කටයුත්ත අත්හැර දමන්නට සිදු වූ බවද ඇමැතිවරයා පැවසීය.

එම කණ්ඩායමට පරාජය හැඟීමක් ඇති නියා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා සහ ආණ්ඩුවේ පාර්ශවයක් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය ගැන අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.


No comments:

Powered by Blogger.