Header Ads

Breaking News
recent

ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය තහනම්: ජනපති ගිය සැප්තැම්බරයේ දුන් පොරොන්දුවක් ගම්මන්පිල මතක් කරයි - (video)

ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ 10කට ප්‍රතිඥාවක් ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (16) අමාත්‍ය මණ්ඩල මාධ්‍ය හමුවට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව ලබාදුන් බවය.

“ජනාධිපතිතුමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට පක්ෂ 10කට පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. නව ව්‍යවස්ථාවේ කටයුතු ඉතාමත් වේගයෙන් සිදුවෙමින් පවතිනවා. වසරක් ඇතුළත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අපිට පුළුවන් වේවි.”


No comments:

Powered by Blogger.