Header Ads

Breaking News
recent

හරීන් යළි එජාපය ගැන හිතයි - හදිසියේම ගිහින් රනිල් හමුවෙයි! රනිල් කළ යුතු දේ කියයි

මගි ජනබලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර වූ හමුවකදී පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමක් පිළිබඳ සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුවත් කිරීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එජාප නායකයා හමුවී සාකච්ඡා කර තිබේ.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබුණේ පෞද්ගලික මට්ටමින් වන අතර එය පක්ෂය වෙනුවෙන් කළ හමුවීමක් නොවන බව වාර්තා වේ.

කෙසේ වෙතත් පක්ෂ දෙක එකතු විය යුතු යැයි හරීන් ප්‍රනාන්දු මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී තිබේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සමග සාකච්ඡා කර තමාට දැනුම් දෙන ලෙසත් ඒ අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට හැකි බවත්ය.


No comments:

Powered by Blogger.