Header Ads

Breaking News
recent

ඉන්දීය විදේශ ඇමැති පාර්ලිමේන්තුවේදී ලංකාවට එරෙහිව ‘බරපතළ වචන’ භාවිතයක

න්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේදී දැඩි රාජ්‍යතාන්ත්‍රික වචන උපයෝගී කර ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමට පියවර ගෙන ඇත. ඊයේ (04) දින පාර්ලිමේන්තුව අමතමින් ජයශන්කර් මහතා ප්‍රකාශ කළේ ඉකුත් දිනෙක ඉන්දීය සාගර කලාපයේදී නාවික හමුදා යාත්‍රාවක හැපී ඉන්දීය ධීවරයන් තිදෙනකු මිය යාම ‘කිසිසේත්ම පිළිගත නොහැකි‘ තත්ත්වයක් බවකි.

එමෙන්ම එය ‘ඝාතනයක්’ ලෙස හැදින්වීමටද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.

සාමාන්‍යයෙන් මෙවැනි වචන භාවිත කිරීම රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ සැලකෙන්නේ දැඩි ප්‍රතිචාර දැක්වීමක් ලෙසටය.

ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමත් සමග ඉන්දියාවද ලංකාවට එරෙහිව රාජ්‍යතාන්ත්‍රීක මෙහෙයුමක් ආරම්භ කර ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.


No comments:

Powered by Blogger.