Header Ads

Breaking News
recent

රූපවාහිනී විවාදවලට ආණ්ඩුවේ ප‍්‍රබලයන් මගහරිති.. නාලිකා නොසතුට පල කරයි

ණ්ඩුව පාර්ශවය නියෝජනය කරමින් ප්‍රධාන පෙළේ කථිකයන් රූපවාහිනී විවාද වලට සහභාගී කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

විශේෂයෙන්ම පෞද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයක්ස පවසන්නේ ආණ්ඩුව පාර්ශ්වයේ ප්‍රධාන කථිකයන් කිහිපයකුටම දැනටත් මාස ගණනාවක සිටම ආරාධනා කළ ද කිසිවකු විවාදාත්මක වැඩසටහන් සඳහා සහභාගී නොවන බවයි.

ඒ හේතුවෙන් එම වැඩසටහන් සදහා එක්වන ප්‍රේක්ෂකයන් වේගයෙන් අඩුවෙමින ඇතැයිද සදහන්ය.

මේ හේතු මත තම වැඩසටහන් වලට වැය කරන ගුවන් කාලය ගැන යලි සලකා බැලීමට සිදුවන බවද නාලිකා ප‍්‍රධානියෙක් අප වෙත පැවසීය.


No comments:

Powered by Blogger.