Header Ads

Breaking News
recent

ශ්‍රීලනිපයත් පක්ෂ දහයේ විකල්ප කණ්ඩායමට - නියෝජනය මහ ලේකම් දයාසිරි ජයසේකර

ණ්ඩු කරන පොදුජන පෙරමුණු සන්ධානයේ ප්‍රධාන කොටස්කාර පාර්ශවය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුව තුළ සිටින විකල්ප කණ්ඩායම සමග එක් වී තිබේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළින් ඇති වූ විරෝධය නියෝජනය කළ පක්ෂ දහයක එකමුතුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද මේ වන විට සම්බන්ධ වී සිටී.

පක්ෂ දහයේ එම එකමුතුව නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට ආණ්ඩුව ගත් තීන්දුව සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද සහභාගී වී සිටි අතර ඔහු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අසළින්ම අසුන් ගෙන සිටින අයුරු ද දක්නට ලැබිණි.

ඊට පෙර විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවති පක්ෂ දහයෙ එකමුතුවේ රැස්වීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර මහතා සහභාගි වී සිටි අයුරු මාධ්‍ය වල පළවූ ඡායාරූප වල දක්නට ලැබේ.

එම කණ්ඩායමේ නිල නායකයකු නොසිටිය ද විමල් වීරවංශ මහතා එහි නිල නොවන නායකයා ලෙස කටයුතු කරන අයුරු ද දක්නට තිබේ.


No comments:

Powered by Blogger.